Friday, November 29, 2024

General line - 0115112241

කඳුරට ජනතා බලයේ සහාය මාලිමාවට

රංජිත් රාජපක්ෂ




මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහාය ලබාදීමට කඳුරට ජනතා බලය තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නායක රාමන් සෙන්දුරන් හැටන් කොටගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.

වසර 40කට ආසන්න කාලයක් විවිධ දේශපාලන පක්ෂවලට අයත් පුද්ගලයින් රටේ නායකත්වයට පත් වුවද කිසිදු නායකයෙකු වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීමට හෝ යටිතල පහසුකම් ඉහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවයි ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.