Thursday, September 19, 2024

General line - 0115112241

යාගි සුළී කුණාටුවෙන් මියගිය ගණන 350 දක්වා ඉහළට




මියන්මාරයට බලපෑ ‘යාගි‘ සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 74 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියන්මාර බලධාරීන් පවසන්නේ තවත් පුද්ගලයින් 89 දෙනෙකු අතුරුදන්ව ඇති අතර දෙලක්ෂ 40,000ක පමණ පුද්ගලයින් පිරිසක් අවතැන්ව ඇති බවයි.

මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘යාගි’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමය, ලාඕසය සහ තායිලන්තය යන රටවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.      

එම සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොණ දිග ආසියානු රටවල සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 350 ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.