Thursday, September 19, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ අවසන් රැළි කොළඹදී ඇරඹේ




2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් ප්‍රචාරක රැළි මේ වන විට කොළඹදී පැවැත්වෙනවා.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේදීයි.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය මරදාන ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී පැවැත්වෙනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨය අසලදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මේ අතර අද මැදියම් රැයෙන් ආරම්භ වන නිහඬ කාලය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද මෙලෙස අදහස් පළ කළා.

මේ දක්වා පෝස්ටර් ලක්ෂ 06ක් ගලවා ඉවත් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.