Thursday, September 19, 2024

General line - 0115112241

විසි එක්වනදා රටේම ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්




ජනාධිපතිවරණය සඳහා පොලිස් නිලධාරීන් 63,000කට අධික පිරිසක් සේවයට යොදවන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ දිවයිනම ආවරණ වන පරිදි සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම විශේෂ ආරක්ෂාවක් යොදවන බවයි. 

ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවේ.