Friday, September 20, 2024

General line - 0115112241

මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන 07 සිට




2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ වනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ උදෑසන 07 සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු කෙරෙන බවයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා. 

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට දිනයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඇතුලු විය හැක්කේ අවසර ලත් පුද්ගලයින්ට පමණක් බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ. 

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යාමට අවසර හිමි නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.