Friday, September 20, 2024

General line - 0115112241

බස් ධාවනය අද සිට අඩු වන ලකුණු




බස්රථ ධාවනය සියයට 50කින් පමණ අද සිට අඩු වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ බස් රථ ධාවනය තවදුරටත් අඩු වනු ඇති බවයි.

මැතිවරණ රාජකාරී සඳහා බස් රථ යෙදවීම සහ බස් රථ සේවකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා ගැනීම ආදී හේතූන් මත ඉදිරි දින කිහිපයේදී බස් රථ ධාවනය අඩු වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 1,358ක් මැතිවරණ රාජකාරී සඳහා ලබා දී තිබෙනවා.

පොලිස් නිලධාරීන් ප්‍රවාහනයටද බස් රථ 175ක් ලබා දී ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ.

ඒ අනුව දුර ගමන් සේවා සඳහා අවශ්‍යතාව පරිදි හැකි පමණ බස් රථ සංඛ්‍යාවක් යෙදවීමට පියවර ගන්නා බවද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියා.