Friday, September 20, 2024

General line - 0115112241

සර්ප දෂ්ඨ නිසා ලොව පුරා මියයන පිරිස ගැන අනාවරණයක්




සෑම වසරකම ලොව පුරා මිලියන 5යි දශම 4ක පිරිසක් සර්පයන් දෂ්ඨ කිරීම් හේතුවෙන් පිඩා විදින බව අනාවරණ වී තිබෙනවා.

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද පර්යේෂණයකින්. ඒ අනුව සර්ප දෂ්ඨ කිරීම් හේතුවෙන් සෑම වසරකම පුද්ගලයින් 81,410ත් එක් ලක්ෂ 37,880ත් අතර පිරිසක් මිය යන බවයි එහිදී හෙළි වී ඇත්තේ.

සර්ප දෂ්ට කිරීම් හේතුවෙන්  අත් පා කපා දැමීමට සිදු වීම සහ අනෙකුත් ස්ථිර ආබාධිත තත්ත්වයන්ටද ගොදුරු වීම දැකිය හැකි වනවා.

බොහෝ විට එම තත්ත්වය සඳහා කුඩා දරුවන් වැඩි වශයෙන් ගොදුරු වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

විෂ සහිත සර්පයන් දෂ්ට කිරීමෙන් අංශභාගය, ලේ ගැලීමේ ආබාධ, වකුගඩු අකර්මණ්‍ය වීම සහ ආබාධිත තත්වයන් ඇති වීමට හැකියාවක් පවතිනවා. 

නිවර්තන සහ උපනිවර්තන රටවල් වන අප්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමරිකාව යන රටවල බොහෝ විට සර්ප දෂ්ඨ කිරීම නොසලකා හරින බවද එම සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

ආසියාවේ මිලියන 2 ක ජනතාව සෑම වසරකම  විෂ සහිත සර්පයන් දෂ්ඨ කිරීම හේතුවෙන් පිඩා විදින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ. 

අප්‍රිකාවේ හාර ලක්ෂ 35,000ත් පන් ලක්ෂ 80,000ත් අතර පිරිසක් වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ පර්යේෂණයේදී වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.