Friday, September 20, 2024

General line - 0115112241

මිදිගම වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට




මිදිගම, ගොවියාපාන පාලම අසලදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ, සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් අහංගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුලු‍ගහ සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 500ක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් ඊයේ දිනයේ ගොවියාපාන ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳසැළක් තුළදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

වෙඩි තැබීමෙන් වෙළඳසැළට පැමිණි සිටි තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි පොලීසිය පැවසුවේ.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.