Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති ධූරයේ දිවුරුම් දීමට අනුර සූදානමින්




ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපති කාර්යාලයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට නියමිතයි.

උදෑසන 08.30ට පමණ දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවද වාර්තා වනවා.