Monday, September 23, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමෙන් අභිනව ජනපතිට ඉල්ලීමක්




'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වූ බව මැතිවරණ කොමිසම ඊයේ රාත්‍රියේ නිවේදනය කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති අවසන් මැතිවරණ ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළා.

මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ යෝජනා මෙතෙක් සම්මත වී නොමැති බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අභිනව ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලීමක්ද සිදුකළා.