Monday, September 23, 2024

General line - 0115112241

අනුර ජනපති ධූරයේ දිවුරුම් දෙයි - ජාතිය අමතමින් රට මෙහෙයවන හැටිත් පහදයි




9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති චාම් උත්සවයකදීයි.

එම උත්සවය මිනිත්තු 15කට වඩා අඩු කාලයකට සීමා කර තිබුණා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදීයි.


ඉන් අනතුරුව එම අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළා.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව ජාතිය අමතනු ලැබුවා.


හැකියාවන් උරාගනිමින්, දන්නා දේ එක්රැස් කරමින් වඩාත් යෝග්‍ය තීන්දු තීරණ ගනිමින් රට මෙහෙය වීම සිය ප්‍රමුඛ අරමුණ බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ. 


රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශවල සහාය ලබා ගන්නා බවද ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවා.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධූරයේ දිවුරුම් දීමේ අවස්ථාවට විදෙස් තානාපතිවරුන් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.