Monday, September 23, 2024

General line - 0115112241

ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වෙයි




තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මහීපාල හේරත් මහතා එලෙස ඉල්ලා අස්වූ එක් අයෙකු වනවා.

සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ද ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

තමන් ද ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ දිනයේ දැනුම් දුන්නා.  

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්.