Monday, September 23, 2024

General line - 0115112241

ජනපති ලේකම්, ආරක්ෂක ලේකම් ඇතුළු නව ලේකම්වරුන් පිරිසක් පත් කෙරේ




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කිරීම් කිහිපයක් අද සිදු කළා.

ඒ අනුව ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරුණා.

ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වනවා. ව්‍යුහාත්මක පරිවර්ථනය සහ දිළිඳුකම පිටුදැකීම පිළිබඳව ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විශේෂඥයෙක් ද වනවා.  

මේ අතර නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පත් කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කෙරුණා.

එම ලේකම් ධූරයට පත් කෙරුණේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතායි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්‍ෂක ප්‍රධානීන් සමග ද සාකච්ඡා කර තිබෙනවා.

ඒ, ජනාධිපති ධුරයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාවේදීයි. එහිදි රටේ ආරක්‍ෂාව සදහා ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා ලෙස ආනන්ද විජේපාල මහතා පත්කර ඇති බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.