Monday, September 23, 2024

General line - 0115112241

ජනතාව නව ජනාධිපතිවරයා පත්වීම සමරුව හැටි

කාංචන කුමාර ,චන්දික ලියනගේ , රංජිත් රාජපක්ෂ , සම්පත් කුලරත්න




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ ප්‍රදේශ කිහිපයක සැමරුම් පැවැත් වුණා.

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ උපන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින්  දඹුල්ල නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සෙත් පිරිත් සජ්ඣායනා කරමින්  කිරි  ඉතිරිවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම පොළොන්නරුව, අනුරාධපුර, තංගල්ල, නාවලපිටිය සහ කළුතර ප්‍රදේශවල ජනතාවද ජය සැමරුවේ සෙසු ජනතාවට කිරිබත් පිළිගන්වමින්. හැටන් ප්‍රදේශයේ පිරිසක්ද පැරණි ඉරිදාපොළ භූමියේදී රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.