Monday, September 23, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටකල බවට අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්




05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් පිටකල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂවරයා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනා.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.