Monday, September 23, 2024

General line - 0115112241

දුන් පොරොන්දු ගැන මාලිමාවෙන් සහතිකයක්




ජනතාව වෙනුවෙන් “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” උදාකර දීමේ අභියෝගය සිය පාර්ශවය විසින් භාරගන්නා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරින බවයි එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ. 


මේ මාධ්‍යවේදීන් යොමුකල තවත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය.