Monday, September 23, 2024

General line - 0115112241

නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං ද සුබ පැතුම් එක්කර තිබෙනවා.

චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් ලබාදෙන බවයි චීන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්වා ගැනීමට සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවයි චීන ජනාධිපතිවරයා පැවසුවේ.

මේ අතර තවත් ලෝක නායකයින් රැසක් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ අතරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු සහ පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් ද අයත්.

එමෙන්ම ජපානය සහ අමෙරිකාවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එකතු කළා.