Tuesday, September 24, 2024

General line - 0115112241

නව ජනපතිට සියලු සහය දෙන බව කාදිනල් හිමි කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්




රට තුළ අත්‍යවශ්‍ය වෙනසක් සිදු කිරීමේ වගකීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනතාව විසින් පවරා ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසනවා.

ඒ සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන බවයි කාදිනල් හිමිපානන් කියා සිටියේ. නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා ඊයේ කාදිනල් හිමිපානන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා.


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන නිසි පරිදි ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා සහතික වූ බවද මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී කාදිනල් හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.