Tuesday, September 24, 2024

General line - 0115112241

මතුගම - යටදොල ප්‍රදේශයේ සගවා තිබූ ගිනි අවියක් පොලිස් භාරයට




මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගැනීමට මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපාරාධ විමර්ශන අංශය සමත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ රතු වරෙන්තු නිකුත් කර පසුගිය අගෝස්තු මස 29 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන එන ලද සැකකරුවෙකුගෙන් අනාවරණ වූ තොරතුරු මත එම වැටලීම සිදුකර ඇති බවයි.

අදාළ ගිනි අවියට යොදන පතොරම් 5ක් සහ පතොරම් ගැබක් ද එම වැටලීමේදී පොලිස් නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.