Tuesday, September 24, 2024

General line - 0115112241

රනිල්ගේ තීරණයක් රුවන් හෙලි කරයි




හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බවයි ඔහු කියා සිටියේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රුවන් විජේවර්ධන මහතා මේ බව කියා සිටියා.