Tuesday, September 24, 2024

General line - 0115112241

නව අමාත්‍යංශ ලේඛම්වරුන් මෙන්න




අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා විසින්.

ඒ අනුව නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ජී පී සපුතන්ත්‍රි මහතායි.

අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙස ඩබ්ලිව් එම් ඩී ජේ ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා.

අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ඩබ්ලිව් පී පී යසරත්න මහතායි.

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශයේ අමාත්‍යංශ ලේකම් ධූරයට පත්කර ඇත්තේ කේ එම් එම් සිරිවර්ධන මහතායි.

මීට පෙර මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය දරණු ලැබුවේද ඒ මහතායි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරයට අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබෙනවා.

ජේ එම් ටී ජයසුන්දර මහත්මිය අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එච් එස් එස් තුයියකොන්තා පත්කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ඩී ඩබ්ලිව් ආර් බී සෙනෙවිරත්න මහතායි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පාලිත මහීපාල මහතා පත්කර තිබෙනවා.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා.

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත්කර ඇත්තේ පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි.

ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කේ ඩී එස් රුවන්චන්ද්‍ර මහතා පත්කර තිබෙනවා.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කර ඇත්තේ එම් එම් නයිමුදීන් මහතායි.

කේ මහේසන් මහතා කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.

ග්‍රාමීය හා නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ඒ එම් පී එම් බී අතපත්තු මහතායි.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න මහතා පත්කර තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ කේ ටී එම් උදයංග හේමපාල මහතායි.