Tuesday, September 24, 2024

General line - 0115112241

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනී

රංජිත් රාජපක්ෂ




බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියක නැරඹුම් මැදිරිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතරදී අද දහවල් 12ට පමණ එම දුම්රිය පීලි පැන ඇති බවයි. දු

ම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව තිබෙනවා.

පීලි පැනීමට ලක් වූ  දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.