Tuesday, September 24, 2024

General line - 0115112241

නව අමාත්‍යමණ්ඩලය දිවුරුම් දෙයි




නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යාංශය , කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය පවරා තිබෙනවා 

එහිදී අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය පත් වූ අතර  

ඇය යටතට  අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය , වෙළඳ වාණිජ,ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත්වී තිබෙනවා.

විජිත හේරත් මහතා ද  කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා 

එහිදී විජිත හේරත් මහතා යටතට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය , විදේශ කටයුතු අමාත්‍යාංශය පවරා තිබෙනවා.