Tuesday, September 24, 2024

General line - 0115112241

16 වන  අග්‍රාමාත්‍යවරිය ලෙස වැඩ අරඹයි 




ශ්‍රී ලංකා‌වේ 16 වන  අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ  ආචාර්ය  හරිනි අමරසූරිය මහත්මිය අද (24) පස්වරුවේ  කොළඹ මල් පාරේ පිහිටි  අග්‍රාමාත්‍ය කාර්‍යලයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ඒ දකුණු ආසියාවේ සියලු ම රටවලින් දේශපාලන පවුල් පසුබිමක් නොමැතිව අගමැති ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙසයි.  

ජනතාව අපේක්ෂා කළ ඒ වෙනස සිදු කිරීමට වත්මන් රජය සූදානම් බවත්,  ඒ වෙනුවෙන් සියලු දෙනාගේ කැපවීම සහ සහයෝගය අපේක්ෂා කරන බව  අග්‍රාමාත්‍ය මආචාර්ය  හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසුවා.

මේ අතර අභිනවයෙන් පත් වූ අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යලයේ දී සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන  හර්ෂ විජෙවර්ධන,  මහින්ද ගුණරත්න, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී මාශංක එච් ලියනගේ මහතා අතුලු අග්‍රාමාත්‍ය කාර්‍යලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වු බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශ සඳහන් කර සිටියේ