Tuesday, September 24, 2024

General line - 0115112241

නව ජනපති සමඟ කටයුතු කිරීමට සූදනම් - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්




ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ තෙවැනි සමාලෝචනය කරනු ලබන කාල සීමාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව හැකි පළමු අවස්ථාවේදීම නව පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රකෘතිමත් වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වන විස්තිරණ අරමුදල් පහසුකම ජාත්‍යන්තර මූල්‍ය අරමුද විසින් අනුගමනය කළේ 2023 වසරේ මාර්තු මාසයේදීයි.

ඒ යටතේ දෙවන ඇගයීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 336ක් වූ වාරිකය ඉකුත් ජූනි මාසයේදී මෙරටට හිමි වුණා.    

ඒ අනුව මේ දක්වා එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 660ක්.