Tuesday, September 24, 2024

General line - 0115112241

සජබ අගමැති අපෙක්ෂකයා ලෙස සජිත් නම් කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්




තමන් ඉදිරි මහ මැතිවරණයට සමගි ජන බලවේගයේ අගමැති අපේක්ෂකයා ලෙස තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.      

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව අද පැවති පක්ෂ රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොවන බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා සිටියා.