Tuesday, September 24, 2024

General line - 0115112241

මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට රනිල්ගෙන් තීරණයක්

එන් ඒ ඩබ් නිරෝෂන්




හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද එම මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දේශපාලන භූමිකාව පිළිබඳ එහිදී අදහස් පල කළා.