Thursday, November 28, 2024

General line - 0115112241

මහ මැතිවරණය තියන්න අවශ්‍ය මුදල කොමිසම කියයි




මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 11ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මෙම වසරේ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බැවින් මහා භාණ්ඩාගාරයෙන් එම මුදල ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට බලය පැවරී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. 

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුවයි. 

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගන්නා දිනය වශයෙන් ලබන නොවැම්බර් මස 14වන දින නියම කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඊට අදාළ නාමයෝජනා භාරගන්නා කාල සීමාව ඔක්තෝබර් මස 04 වන දිනෙන් ආරම්භ වී  ඔක්තෝබර් මස 11වන දින දහවල් 12ට අවසන් වනවා. 

අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21වන දින කැඳවීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.