Wednesday, September 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ බලයත් මාලිමාවට ලැබෙන හැටි




ඉදිරි මහ මැතිවරණයෙන්ද ජාතික ජන බලවේගයට ජය හිමිවනු ඇතැයි දේශපාලන විචාරක රසික ජයකොඩි මහතා පවසනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මත සැසඳීමේදී ඉදිරි මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 120කට අධික ප්‍රමාණයක් හිමි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු කියා සිටියේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ දේශපාලන විචාරක රසික ජයකොඩි මහතා.

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එකවුණා.