Wednesday, September 25, 2024

General line - 0115112241

  ජනපති, මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් අතර සාකච්ඡාවක්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහ බැංකු අධිපති අචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රාශියක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 07යි 30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.