Wednesday, September 25, 2024

General line - 0115112241

ඉකුත් ආණ්ඩුවේ මැති - ඇමති - ලේකම්වරු පැද්ද සුඛෝපභෝගී වාහන රැසක් ගාලුමුවදොරට




ඉකුත් ආණ්ඩු සමයේ අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද  සුඛෝපභෝගී රථ වාහන රැසක් ගාලුමෝදරට රැගෙන විත් තිබෙනවා.

ඒ, වත්මන් ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු අමාත්‍යංශය තුළ සිදුකර ඇති වෙනස්කම් හේතුවෙන්.

ඒ අනුව අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද සුඛෝපභෝගී රථ වාහන මෙලෙස ගෙනවිත් තිබුණේ ගාලුමෝදර බාල දක්ෂ මාවත අසලටයි.

වාහන රැසක් එලෙස බාල දක්ෂ මාවත අසල රථ ගාලට රැගෙන විත් තිබූ අයුරු එහි සංචාරය කළ නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකිවුණා.

අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද අදාළ සුඛෝපභෝගී රථ වාහන ගාලුමෝදරට රැගෙන විත් ඇති අයුරු දැක්වෙන විඩියෝවක් නෙත් නිවුස් යු ටියුබ් නාලිකාවේ ඇතුළත්.