Wednesday, September 25, 2024

General line - 0115112241

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය වැඩ භාර ගනී




නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද සිය ධූරයේ වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ, ජනමාධ්‍ය අමාත්‍යංශයේදීයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව විජිත හේරත් මහතා තවත් අමාත්‍යංශ කිහිපයකම කැබිනට් අමාත්‍ය ධූරයට පත් වුණා.

ඒ, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යංශවලයි.