Wednesday, September 25, 2024

General line - 0115112241

ආගමන හා විගමන පාලකවරයා අධිකරණ ශාලාව තුළ රඳවා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග




ඉකුත් පාලන සමයේ විද්්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින්, අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක එච් ඉලුක්පිටිය මහතා අධිකරණ ශාලාව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ රඳවා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබෙනවා.

අදාළ චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඉන් අනතුරුව නඩුව ස්වල්ප වේලාවකට කල් තැබූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පසුව නඩුව කැඳවන බවට නියෝග කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ  ඒම් ඒ සුමන්තිරන් මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.