Wednesday, September 25, 2024

General line - 0115112241

මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්




එළඹෙන 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම අධිකාරිය පැවසුවේ.

ඒ අනුව 28 වන දින අලු‍යම 01 සිට සැප්තැම්බර් 30 වන දා පස්වරු 06 දක්වා පැය 65ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

වසර දෙකකට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් වෙනුවෙන් මෙලෙස පොල්ගොල්ල ජලාශයේ ජලය හිස් කිරීමට සැලසුම්කර ඇති බවයි මහවැලි අධිකාරිය පැවසුවේ.

මහනුවර නගර සභා බලප්‍රදේශයට, හාස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන ක්‍රමවලට අයත් ප්‍රදේශවලට, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වලල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින මාවතගම යන ප්‍රදේශවලට මේ අනුව ජල සැපයුම අත්හිටුවීම සිදු වනවා.