Wednesday, September 25, 2024

General line - 0115112241

IMF ප්‍රධානියාත් නව ජනපති ගැන විශ්වාසයෙන්




වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍ය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවෙනු ඇතැයි තම විශ්වාසය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකරමින්. ඇය පෙන්වා දෙන්නේ දැනට ක්‍රියාත්මක වන අයි එම් එෆ් වැඩසටහන ඇතුලු  ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බවයි.