Wednesday, September 25, 2024

General line - 0115112241

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඇරඹේ




නොවැම්බර් 14වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය වෙනුවෙන් අයදුම්පත් භාර ගැනීම අද සිට ආරම්භ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම රාජ්‍ය දේපළ අයුතු පරිහරණය සහ රාජ්‍ය සම්පත් භාවිතය සම්බන්ධයෙන් වන චක්‍රලේඛ කඩිනමින් නිකුත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ. 

මහ මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරියේදී සිදු කෙරෙන කාර්යයන් පිළිබඳවද ඔහු අදහස් පළ කළා. 

සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මහ මැතිවරණය පැවැත්වෙන බවත් මෙම මැතිවරණය සඳහා ද වියදම් නියාමන පනත වලංගු බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.