Thursday, November 28, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් නව සැලසුමක්




ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ජාතික ජන බලවේගය මේ වන විටත් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුන ආරච්චි මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ තම පක්ෂයට ඡන්දය ලබා දුන් සහ නොදුන් පුද්ගලයන් එක්කර ගනිමින් මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මේ වන විටත් දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවයි. 

ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට සියයට 50 ප්‍රතිශතය ඉක්මවා යෑමට නොහැකි වූ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළා.

ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුන ආරච්චි මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.