Friday, September 27, 2024

General line - 0115112241

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්




එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මෙම මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව පැවසුවා.

මහ මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිත කරන බැවින්, ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනා නැවතත් මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවයි ඔහු එහිදී  කියා සිටියේ. 

එහෙත් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත යම් හේතුවක් මත ප්‍රතික්ෂේප වී ඇත් නම් එම ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කර නැවත තැපැල් ඡන්ද අයදුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.