Friday, September 27, 2024

General line - 0115112241

සජබ එජාප සාකච්ඡා ගැන හිටපු මන්ත්‍රී තිස්සගෙන් අනාවරණයක්




පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ දේශපාලඥයින් විවිධ අදහස් පළ කරනවා.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමගද සාකච්ඡා කර තීරණ රැසක් ගැනීමට නියමිත බවයි. 

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

ජනාධිපති කාර්යාලය අසල නවතා ඇති සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. 

දූෂණ චෝදනා එල්ල වූ සියලු පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසුවා.