Friday, September 27, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩ භාර ගැනේ




බස්නාහිර පළාත වෙනුවෙන් පත් වූ නව ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අද සිය වැඩ භාර ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු ලැබුවා.

සියලු දෙනා එක්වී වැඩ කිරීමෙන් රට ඉදිරියට ගෙන යා හැකි බවයි හනීෆ් යූසුෆ් මහතා වැඩ භාර ගැනීමෙන් පසුව සඳහන් කළේ.

හනීෆ් යූසුෆ් මහතා ව්‍යාපාරිකයෙක් වන අතර ඔහු රටවල් 40ක් සමග ව්‍යාපාර කටයුතුවල නිරත වන බවයි මෙහිදී පවසා ඇත්තේ.

බස්නාහිර පළාත තුළ වෙනසක් සිදු කරමින් ජනතාවට සේවයක් සැලසීම තම අරමුණ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.