Friday, September 27, 2024

General line - 0115112241

නෙත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට




25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට ආරම්භ වනවා.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීයි.

පොත් ප්‍රදර්ශනය ඔත්තෝබර් මස 06 වනදා දක්වා උදෑසන 09 සිට රාත්‍රී 09 දක්වා විවෘතව පවතිනවා.

මේ, ඒ පිළිබඳව කරුණු දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහතා.

ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් කුටියට පැමිණ අත්‍යවශ්‍ය පාසල් උපකරණ සහ පුස්තකාලවලට අවශ්‍ය පොත් පරිත්‍යාග කිරීමට පාඨකයන්ට මෙවරද අවස්ථාව පවතිනවා.

එලෙස ඔබ විසින් පරිත්‍යාග කරන පොත් දුෂ්කර පළාත්වල පාසල් වෙත ලබා දීමටයි නෙත් එෆ් එම් තීරණය කර ඇත්තේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල්.