Friday, September 27, 2024

General line - 0115112241

වීසා ලබා දීම යළිත් පැරණි ක්‍රමවේදයට




පැරණි ක්‍රමවේදයට අනුව වීසා ලබා ගැනීමට ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අවස්ථාව සලසා දී ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

වීසා ලබා දීමේ පහසුකම ඪත්‍ී ආයතනයට ලබා දීම හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා.

දිවයිනට පැමිණෙන විදේශිකයන්ද එලෙස පීඩාවට පත් පිරිසට අයත්. එවන් පසුබිමක් තුළ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් අධිකරණ තීන්දුව අනුව පැරණි ක්‍රමවේදයට වීසා ලබා දීම යළි ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම විදේශිකයන්ටද පහසුවෙන් කර ගත හැකි වනවා. 

මේ අතර වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීම මගින් සිදු වූ අක්‍රමිකතා පිළිබඳ වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමටද මේ වන විටත් කටයුතු කර ඇති බවයි මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.

ඒ අනුව අදාළ අක්‍රමිකතාවලට එරෙහිව  ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.