Friday, September 27, 2024

General line - 0115112241

මරණ දඩුවම නියමව සිටි ජපානයේ හිටපු බොක්සිං ක්‍රීඩකයෙකුට නිදහස




ලොව වැඩිම කාලයක් සිරගතව සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවා වන ජපන් ජාතික  ඉවාඕ හකාමාතා එරට අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව භාවිතා කරන ලද සාක්ෂි ගොතන ලද ඒවා බව ඔප්පුවීම හේතුවෙන්.

88 හැවිරිදි වියේ පසු වන ඔහු හිටපු බොක්සිං ක්‍රීඩකයෙකු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ජපානයේ ප්‍රසිද්ධ සමාගම් අධ්‍යක්ෂවරයෙකු, ඔහුගේ බිරිඳ සහ දරුදෙදෙනා ඝාතනය කළ බවට 1966 දී ඉවාඕ හකාමාතාට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව එරට අධිකරණය විසින් මරණ දඩුවමලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඔහු වරදකරු කිරීමට පදනම වූ සාක්ෂි පිළිබඳ සැකයන් ඇති වීම හේතුවෙන් 2014 වසරේදී අදාළ නඩු විභාගය යළි ආරම්භ කර තිබෙනවා.

එහිදී ඉවාඕ හකාමාතා වරදකරු කිරීම සඳහා භාවිතා කරන ලද සාක්ෂි  මිනීමැරුම් සිදු කර බොහෝ කලකට පසුව නිර්මාණය කල ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

නිදහස ලැබූ ඔහු පිළිගැනීම සඳහා 500කට අධික පිරිසක් අධිකරණය අසල රැඳී සිට ඇති බවද සඳහන්.