Friday, September 27, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයෙන් අනතුරුව පශ්චාත් කාලසීමාව ගැන නිරීක්ෂණ සංවිධානයක් කතා කරයි




ජනාධිපතිවරණයෙන් අනතුරුව පශ්චාත් කාලය තුළ මේ දක්වා ප්‍රචණ්ඩකාරී කිසිවක් වාර්තා වී නොමැති බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේ සිය මැතිවරණ කටයුතු සඳහා වත්මන් ආණ්ඩුව විසින් රාජ්‍යය බලය හෝ රාජ්‍ය දේපළ අවභාවිත නොකරනු ඇතැයි සිය විශ්වාසය බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

ඉදිරි මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතයි.

නාම යෝජනා පත්‍ර භාර ගැනීම ඔක්තොබර් 04 වනදා සිට ඔක්තොබර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වන දින රැස්වීමට නියමිතයි.