Friday, September 27, 2024

General line - 0115112241

කල්පිටිය පොලීසියේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට




කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කෘෂි රසායනික පැකට් තොගයක් සොරකම් කිරීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු ආණමඩුව - ජල පොම්පාගාරය ආසන්නයේ පදිංචිකරුවෙකු වනවා. ඔහු සිය යතුරු පැදියෙන් රැගෙන යාමට උත්සහ දැරූ කිලෝ ග්‍රෑමයක් බැගින් වූ කෘෂි රසායණික ද්‍රව්‍ය අඩංගු පෙට්ටි 12ක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.