Friday, September 27, 2024

General line - 0115112241

ජනපතිට පැෆ්රල් සංවිධානයෙන් සුබපැතුම්




ජනාධිපති ධූරයට තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත පැෆ්රල් සංවිධානය විසින් සුබපැතුම් එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික සමාජයීය හා දේශපාලන අර්බුදය හමුවේ රට ගොඩනැගීමේ කාර්ය සිදුකළ හැක්කේ සාමූහික ප්‍රයත්නයකින් බවයි පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන්නේ.

ඒ සඳහා පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුලු අනෙකුත් වෘත්තික කණ්ඩායම්, වෘත්තිය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සංවිධාන, සියලු දේශපාලන කණ්ඩායම්, කෘෂිකාර්මික ප්‍රජාව ඇතුලු සියලු ක්ෂේත්‍රවල පිරිස් සමග අඛණ්ඩ සාකච්ඡාවකින් හා සම්මුතීන් ඇතිකරගනිමින් ශ්‍රී ලාංකික ජාතිය හා රට ගොඩනැගීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පවසනවා.