Friday, September 27, 2024

General line - 0115112241

මෙරට නිල සංචිත ගැන දැනුම්දීමක්




මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීම්ද ඇතුළත් වනවා.

දල නිල සංචිත ඉහළ නැංවීම සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ දේශීය වෙළඳපොළෙන් විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගැනීමට පියවර ගෙන තිබූ බව මහ බැංකුව පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය තවදුරටත් එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8යි දශම 2යි 5 මට්ටමේ තවදුරටත් පවතිනු ඇති.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9යි දශම 2යි 5ක මට්ටමේ පවත්වාගෙන යන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.