Friday, September 27, 2024

General line - 0115112241

වැඩබලන පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට




වැඩ බලන පොලිස්පති ධූරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා.

ඒ, වැඩ බලන පොලිස්පති ධූරය මාස කිහිපයක සිට හිස්ව පවතින පසුබිමක් තුළයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් හිමි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා  සේවය කළ නිලධාරියෙක්.

උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතායි.

ඔහු මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුවල සේවය කර තිබෙනවා. 

උතුරුමැද ආණ්ඩුකාරවරයා අද දිනයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

එම කටයුතු අවසන් වූ පසු ප්‍රියන්ත වීරසූරිය මහතා අනුරාධපුරයේ සිට කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට අදාළ ලිපිය ජනාධිපති කාර්යාලයේදී භාර ගැනීම සඳහායි.