Friday, September 27, 2024

General line - 0115112241

නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිපති චෝදනා ගොනු කරයි

උදය කුමාර




රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට  අද දැනුම් දුන්නා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කල රුපියල් මිලියන 75 ක වන්දිය සම්පූර්ණයෙන් ම ගෙවීමට  අපොහොසත්  වීම හේතුවෙන් ඔහුට එරෙහිව එලෙස චෝදනා ගොනු කළ බවයි නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ.

ඒ අනුව නිලන්ත ජයවර්ධන මහතාට ඔක්තෝබර් මස 07 වනදා පෙරවරු 9.30 ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් නියෝග කර තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු විසින් ගෙවීමට නියම වූ සම්පූර්ණ  වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව ඔවුන්ගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

අදාල පෙත්සම්  අද කැඳවූ අවස්ථාවේදී  මෙම දැනුම් දීම සිදුකෙරුණා. 

මෙම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරු විසින් මීට පෙර තමන්ට නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර තිබුණා.