Friday, September 27, 2024

General line - 0115112241

කමිදු මෙන්ඩිස් සිය පස්වන ටෙස්ට් ශතකය වාර්තා කරයි




සිය පස්වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් සමත් වුණා. 

ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයී.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරු 1.35 වන විට කඩුළු පහක් දැවී ලකුණු 439ක් රැස් කරගෙන සිටියා. 

නොදැවී පන්දුවට පහර දෙන කමිඳු මෙන්ඩිස් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 113ක්. දිනේෂ් චන්දිමාල් දැවී ගියේ ලකුණු 116ක් රැස් කර සිටියදීයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88කට දැවී ගියා.

දිමුත් කරුණාරත්න ලකුණු 46යි.

නායක ධනංජයද සිල්වා රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 44ක්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දෙරට අතර පැවැත්වෙන තරඟයේ දෙවන දිනය අදයි.